දුම්රිය වැඩ වර්ජනය ආරම්භ වීමත් සමඟ සිඩ්නි නුවර සහ තදාසන්න ප්‍රදේශ වෙත දිවෙන සාමාන්‍ය මගී දුම්රිය සේවාව දින දෙකකට වැඩි කාලයක් ක්‍රියාත්මක නොවන බව New South Wales ප්‍රාන්ත රජය සඳහන් කරනවා.
ඒ අනුව නොවැම්බර් 21 දා රාත්‍රී 10 සිට නොවැම්බර් 24 වන දා පෙ.ව. 6 දක්වා සිඩ්නි දුම්රිය සේවය ක්‍රියාත්මක නොවේ.
New South Wales ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන සේවයෙහි එන්ට්‍රප්‍රයිස් ඇග්‍රිමන්ට් හෙවත් සේවා ස්ථාන ගිවිසුමට අනුව ප්‍රාන්ත රජය වසර 3ක් තුළ 9.5%ක වැටුප් වැඩිවීමක් ලබා දී ඇත.
නමුත් දුම්රිය ට්‍රෑම් රථ සහ බස් වෘත්තීය සංගමය වසර 4ක් තුළ 32%ක වැටුප් වැඩිවීමක් සඳහා මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මකයි.
Author: Lanka Hit News
Post Views: 4