අමෙරිකාවට දරුණු සුළි කුණාටු තත්ත්වයක් හටගෙන ඇති අතර මේ වනවිට පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් තිබෙනවා.
එම සුළි කුණාටුවත් සමග ඇති වූ අධික වර්ෂාවෙන් වොෂින්ටනයේ මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ගස් කඩා වැටීම් ද ප්‍රදේශ රැසක වාර්තා වී ඇති අතර අදාළ මරණ දෙක වාර්තා වී ඇත්තේ ඒ හේතුවෙනුයි.
පැයට කිලෝමීටර් 110ක පමණ වේගයෙන් හමා යන සුළි කුණාටුව හේතුවෙන් මිලියනයකට ආසන්න පිරිසකට විදුලිය ද ඇණහිට තිබෙනවා.
පවතින දැඩි සුළං සහ වර්ෂාපතනය හමුවේ බටහිර වොෂින්ටනය පුරා පාසල් සහ උපකාරක පන්ති සියල්ල අවලංගු කර තිබෙන බවටයි වාර්තා වන්නේ.
මේ වනවිට එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් උතුරු වොෂින්ටනයේ සිට සියෙරා නෙවාඩා කඳුවැටිය දක්වා හිම කුණාටු අනතුරු ඇඟවීම් ද තවත් ප්‍රදේශ රැසකට අධික සුළං සහ ගංවතුර පිළිබඳ අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබෙනවා.
Author: Lanka Hit News
Post Views: 4