Global Platform For All Sri Lankans

වික්ටෝරියා හි Woolworths බෙදා හැරීම්වලට බාධා

වැටුප් සහ කොන්දේසි සම්බන්ධ ගැටළුවක් මුල් කර ගනිමින් Woolworths සුපිරි වෙළඳ සැල් ජාලයට අයත් ගබඩා 4 ක සේවය කරන 1500 කට අධික සේවකයන් පිරිසක් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

දින නියමයක් නොමැතිව ක්‍රියාත්මක වන මෙම වැඩ වර්ජනය හේතුවෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ බෙදාහැරීමේ මධ්‍යස්ථාන තුනකට මෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ බෙදාහැරීමේ මධ්‍යස්ථානයට ද විශාල බලපෑමක් එල්ල කරන බවයි විදෙස් තොරතුරු සදහන් කරන්නේ.

එක්සත් කම්කරු සංගමයේ (UWU) ලේකම් ටිම් කෙනඩි ප්‍රකාශ කරන්නේ ඉහළ යන ජීවන වියදම හේතුවෙන් කම්කරුවන් තමන්ට හිමිවන වැටුපෙන් එදිනෙදා ජීවිතය ගත කිරීමට අරගලයක නිරත වන බවයි.

එසේම නව සේවා ස්ථාන ගිවිසුමකට අනුකූලව පළමු වසර තුළ සියලුම කම්කරුවන්ට අවම වශයෙන් ඩොලර් 38 ක ගෙවීමක් සිදුකළ යුතු බවත් එම සංගමය පවසනවා.

සේවක කාර්ය සාධනය කළමනාකරණය කිරීම සහ ඇගයීම වෙනුවෙන් සමාගම තුළ දැනට ක්‍රියාත්මක වන ක්‍රමවේදය අහෝසි කරන ලෙස ද ඔවුන් ඉල්ලා සිටින බවයි විදෙස් වාර්තාවල වැඩි දුරටත් දැක්වෙන්නේ.

කෙසේ වෙතත් නත්තලට පෙර පාරිභෝගිකයන් සඳහා අවශ්‍ය සැපයුම පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ඔවුන් මූලික ප්‍රමුඛතාවයක් ලබාදෙන බවට සඳහන් කර තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads