කුලියාපිටිය, හෙට්ටිපොල මාර්ගයේ බුජ්ගමුව ඔයට අද (23) අලුයම සුඛෝපභෝගී ජීප් රථයක් පෙරළීමෙන් එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
පොලිසිය පැවසුවේ, එම අනතුරින් කුරුණෑගල ප්රදේශයේ පදිංචි 27 හැවිදිරි තරුණයෙකු සහ ඔහුගේ 25 හැවිදිරි සහෝදරයා මිය ගොස් ඇති බවයි.
මෙම අනතුර සිදු වූ ස්ථානය වංගු සහිත ස්ථානයක් වන අතර, රථය පාලනයෙන් මිදී මාර්ගය අයිනේ ඇති ඔයට වැටී ඇති බවට දැනට සිදුකරනු ලැබූ පරීක්ෂණ අනුව අනාවරණය වී ඇති බව සඳහන්.
දොඹකරයක් ආධාරයෙන් ඔයට වැටී තිබූ ජීප් රථය ගොඩට ගෙන තිබෙනවා.
Author: Lanka Hit News
Post Views: 9