Global Platform For All Sri Lankans

පළාත් පාලන මැතිවරණය 2025 වසරේ මුල ?

ලබන වසරේ මුල පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සැලසුම් කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ අද (23) මහනුවරදි මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දුන් තීන්දුවට අනුව හැකි ඉක්මනින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව අමත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

මේ වසරේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ප්‍රතිපාදන වෙන් කර නොමැතිවීම හේතුවෙන් ලබන වසරේ මුල මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව ඔහු සඳහන් කළා.

මැතිවරණය පැවැත්වීමට සූදානම් දින සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගෙන නොමැති බව ද අමාත්‍ය විජිත හේරත් වැඩිදුරටත් කියා සිටියා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads