වෙළෙඳපොළේ බිත්තර මිල යළිත් ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය දිනවල රුපියල් 35ක මිලකට අලෙවි වූ බිත්තර මේ වන විට වෙළෙඳපොළේ විවිධ මිල ගණන් යටතේ අලෙවි වන බවයි සඳහන් වුණේ.
කුඩා ප්‍රමාණයේ බිත්තරයක් රුපියල් 38කටත්, සාමාන්‍ය ප්‍රමාණයේ බිත්තරයක් රුපියල් 40ක මිලකටත් අලෙවි වනවා.
දිවයිනේ ප්‍රදේශ රැසක යළි මතුව ඇති ලාෆ් ගෑස් හිඟය හමුවේ ගෑස් පාරිභෝගිකයින් දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා.
වෙළෙඳපොළේ මතුව ඇති මෙම ගෑස් හිඟය සම්බන්ධයෙන් ලාෆ් ගෑස් සමාගමේ උසස් නිලධාරියෙකු කියා සිටියේ, පවතින තත්ත්වය සම්බන්ධයෙන් මේ අවස්ථාවේ ප්‍රකාශයක් ලබා දීමට නොහැකි අතර, ඉදිරි දින කිහිපයේදී ඒ සම්බන්ධයෙන් නිශ්චිත ප්‍රකාශයක් සිදු කරන බවයි.
Author: Lanka Hit News
Post Views: 8