Global Platform For All Sri Lankans

අන්තර්ජාතික අපරාධ අධිකරණයේ චෝදනා ඊශ්‍රායල අගමැති හෙළා දකී.

තමාට සහ හිටපු ආරක්ෂක අමාත්‍ය යෝව් ගලාන්ට එරෙහිව යුද අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කිරීමට අන්තර්ජාතික අපරාධ අධිකරණය (ICC) විසින් ගත් තීරණය ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු හෙළා දැක තිබෙනවා.

ඔහු ප්‍රකාශ කරන්නේ හිතාමතාම සිවිල් වැසියන් ඉලක්ක කරගත් බව පවසමින් එම අධිකරණය සාවද්‍ය ලෙස ඔවුන්ට චෝදනා කරන බවයි.

සිවිල් වැසියන්ගේ ජීවිත හානි වළක්වා ගැනීම සඳහා ඊශ්‍රායලය සිය බලයෙන් හැකි සෑම දෙයක්ම කරන විට මෙසේ චෝදනා එල්ල කරන බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ.

හමාස් සංවිධානයේ හිටපු නායකයකු වූ ඊශ්‍රායලයේ ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූ, මොහොමඩ් ඩීෆ්ට ද අන්තර්ජාතික අපරාධ අධිකරණය වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.

කෙසේ වෙතත් එම අධිකරණයේ විනිසුරුවන් පැවසුවේ, ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර යුද්ධයේ දී අපරාධ සම්බන්ධයෙන් මෙම පුද්ගලයන් තිදෙනා සාපරාධී වගකීම දරන බව විශ්වාස කිරීමට සාධාරණ හේතු ඇති බවයි.

කෙසේ වෙතත්, අන්තර්ජාතික අපරාධ අධිකරණය විසින් එල්ල කරන මෙම චෝදනා ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය යන දෙපාර්ශවයම ප්‍රතික්ෂේප කරනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads