Global Platform For All Sri Lankans

තෙවැනි සමාලෝචනයෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 333 ක්..

ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී Peter Breuer ගේ නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් කොළඹ පැවති සාධනීය සාකච්ඡාවලින් අනතුරුව, Peter Breuer මහතා සහ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී Katsiaryna Svirydzenka මහත්මිය ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

අවුරුදු 4 ක විස්තීරණ අරමුදල් පහසුකම විධිවිධාන යටතේ තුන්වන සමාලෝචනයේදී IMF කණ්ඩායම ශ්‍රී ලංකා බලධාරීන් සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණි බවයි ඔවුන් සඳහන් කළේ.

ඒ අනුව මෙම විධිවිධානය යටතේ 2023 මාර්තු 20 වන දින US$ බිලියන 3 ක් පමණ සඳහා IMF විධායක මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

විධායක මණ්ඩල සමාලෝචනය අවසන් වූ පසු, ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 333ක් පමණ වෙත ප්‍රවේශය ලැබෙනු ඇති.

එමෙන්ම එම විධිවිධානය යටතේ ලබා දී ඇති මුළු IMF මූල්‍ය ආධාරය US$ මිලියන 1,333 ක් පමණ දක්වා ගෙන එනු ඇති බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප්‍රකාශ කර තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads