Global Platform For All Sri Lankans

” ප්‍රකාශය ඔප්පු කළොත්, එය ලංකා දේශපාලනයේ සුවිශේෂීම සන්ධිස්ථානයක් ? ” රාජිත

මෙරට තුළ ජාතිවාදී දේශපාලනයට ඉඩ නොතබව බවට රාජාසන කතාව සිදු කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ගෞරවාන්විත හැඟීමක් පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින්.

අදාළ ප්‍රකාශය ක්‍රියාවෙන් ඔප්පු කිරීමට හැකිනම් එය ශ්‍රී ලංකා දේශපාලනයේ සුවිශේෂීම සන්ධිස්ථානයක් වනු ඇති බවට ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

ජනාධිපතිවරයා වර්තමානයේ දරණ මෙම ස්ථාවරයට පක්ෂයක් ලෙස මීට වසර 35කට පෙර පැමිණීමට ඔවුන්ට හැකි වූයේ නම් 1988/89 කාලයේදී ජනඝාතක වකවානුවක් කිසිසේත් බිහිවන්නේ නැහැ.

උපුටාගැනීම…

ඔහු මගේ නායකයා නොවුනත්, ඔහු මාගේ පක්ෂයේ කෙනෙකු නොවුනත්, පසුගියදා රාජාසන කතාවේදී අනුර දිසානායක ජනාධිපතිවරයා සිදුකළ කතාවේ ‘පහත උපුටා දක්වන’ කොටස පිළිබඳව මට ඇත්තේ ඉතා ගෞරවාන්විත හැඟීමකි…

මුවින් ප්‍රකාශ කළ

මේ ස්ථාවරය,

ක්‍රියාවෙන් ඔප්පු කිරීමට ඔහුට හැකිනම්,

එය ලංකා දේශපාලනයේ සුවිශේෂීම සන්ධිස්ථානයක් වනු ඇත…

එවිට, සැබෑ ශ්‍රී ලාංකික ජාතිය බිහිවනු ඇත…

දහසකුත් එකක් අවලාද අසමින්, ජීවිත කාලය පුරා, ජාතිවාදයට සහ ආගම්වාදයට විරුද්ධව මා ඇතුළු ඉතා සුළු පිරිසක් පෙනී සිටින ස්ථාවරය,

මගේ ජීවිත කාලය තුළදී, රාජාසන කතාවකදී ජනාධිපතිවරයෙකුගේ මුවින් අසන්නට ලැබීම

සැබවින්ම සතුටකි…

ජනාධිපතිවරයා වර්තමානයේ දරන මෙම ස්ථාවරයට,

පක්ෂයක් ලෙස මීට වසර 35 කට පෙර පැමිණීමට ඔවුන්ට හැකි වූයේ නම්,

88/89දි රට තුළ ඇති වූ ජනඝාතක වකවානුව කිසිසේත් බිහිවන්නේ නැත..

ජනාධිපතිවරයාගේ

ජාතිකත්වය සහ

ශ්‍රී ලාංකිකත්වය පිළිබඳ වර්තමාන ස්ථාවරය,

මීට වසර පනහක සිට අඛණ්ඩව අප දැරූ ස්ථාවරයයි…

එවක එම ස්ථාවරය දැරූ නිසාම, විජය කුමාරතුංග ඇතුළු ශ්‍රී ලංකා මහජන පක්ෂයේ බොහෝ පිරිසකට අත්වූයේ මරණයයි…

මාගේ ශරීරය තුලට බෝම්බ කෑලි තුනක් ඇතුල් වූ

ප්‍රහාරයන්ට මා ලක්වූයේ,

ජනාධිපතිවරයා නියෝජනය කරන දේශපාලන පක්ෂය

එදා ජාතික ප්‍රශ්නය පිලිබඳව දෑරු ස්ථාවරත්වයේ

මෘගත්වය නිසයි…

විජය කුමාරතුංග නම් ඒ, ශ්‍රේෂ්ඨ මිනිසා අහිංසාවාදියා,

ඝාතනයට ලක් වීමට එක් ප්‍රධාන හේතුවක් වූයේ,

ඔහු ජාතිවාදියෙකු හෝ ආගම්වාදියෙකු නොවීමයි..

බලය තිබියදී හෝ නැතිවිටදී..

බලය ලබාගැනීමට හෝ බලය පවත්වා ගැනීමට..

එකදු මොහොතක හෝ අපි ජාතිවාදින් හෝ ආගම්වාදීන් නොවුනෙමු..

එවක අපගේ ඒ භාවිතාව,

වරදක් ලෙස දුටු දේශපාලන පක්ෂයක නායකයා,

වර්තමානයේ බලයට පත්වී පවසන මේ ප්‍රකාශය පිළිබඳව, අපට වඩා සතුටු විය හැකි තවත් කිසිවෙකු නොවනු ඇත..

අනුර දිසානායක සහ මා අතර පවතින, සියලු දේශපාලන පරස්පරතාවයන් එලෙසම පවතිද්දී වුවත්,

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන්,

ජනාධිපතිවරයා අගය කිරීම අනිවාර්යයෙන් කළ යුතුය…

පක්ෂ විපක්ෂ භේදයකින් තොරව, ශ්‍රී ලාංකිකත්වය විශ්වාස කරන සියලු දෙනා මීට සහය වියයුතුය..

මෙම ස්ථාවරය ක්‍රියාවට නැගීමට ඔහුට ධෛර්යය පතමි..

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සම්බන්ධයෙන්ද,

මෙවැනිම ස්ථාවරයකට පැමිණීමට ඔහුට හැකිවේවායි පතමි!

…………………………..

වෛද්‍ය රාජිත සේනාරත්න..

 

Lanka Hit News
Author: Lanka Hit News

1 thought on “” ප්‍රකාශය ඔප්පු කළොත්, එය ලංකා දේශපාලනයේ සුවිශේෂීම සන්ධිස්ථානයක් ? ” රාජිත”

  1. දොස්තර මහත්තය දීල තියෙන්නෙ ඔළුව අතගාල හොඳ ටොක්කක්! Well said Doctor!!

    Reply

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads