මිලියන 08කට ආසන්න වටිනාකමකින් යුත් තල්මසුන්ගෙන් ලබාගන්නා ඉතා වටිනා ඇම්බර් තොගයක් නීති විරෝධීව සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නොච්චියාගම පොලිසිය සමත්ව තිබෙනවා.
ඒ, යුද්ධ හමුදා බුද්ධි අංශයේ බුද්ධි තොරතුරක් මත නොච්චියාගම පොලිසියේ නිලධාරින් සමඟ එක්ව අනුරාධපුර නගරයේදී සිදුකළ විශේෂ වැටලීමකදි යි.
අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් සන්තකයේ කිලෝග්රෑම් එකක අම්බර් තොගයක් පැවති බවයි වාර්තා වන්නේ.
සැකකරුවන් 24 සහ 36 යන වයස්වල පසුවන තංගල්ල හා ගලෙන්බිඳුනුවැව කොකාවැව ප්රදේශයේ පදිංචි පුද්ගලයින් වනවා.
මෙම ඇම්බර් තොගය ප්රවාහනය කිරීම සඳහා යොදා ගන්නා ලද යතුරුපැදියක් ද එහිදී සැකකරුවන් සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් නොච්චියාගම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.
Author: Lanka Hit News
Post Views: 4