2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය මධ්‍යස්ථාන 2,312කදී අද (25) ආරම්භ වනවා.
එය ලබන මස 20 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති.
උසස් පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 333,185 දෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර, ඉන් 253,390 ක් පාසල් අයදුම්කරුවන්.
පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්‍යාව 79,795ක්.
මේ අතර, උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාවේදී කාලගුණයෙන් ඇති විය හැකි බාධා අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
ඔවුන් දැනුම් දෙන්නේ, කිසියම් ආපදා තත්ත්වයක් මතු වුවහොත් 117 හදිසි ඇමතුම් අංකයට හෝ විභාග දෙපාර්තමේන්තුවේ 1911 හදිසි ඇමතුම් අංකයට ඒ බව දැනුම් දෙන ලෙසයි.
මේ අතර, උදෑසන 8.30ට විභාගය ආරම්භ වීමට නියමිත අතර, ඊට ප්‍රථම වලංගු හැඳුනුම්පතක් ද රැගෙන විභාග මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙසයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ.
Author: Lanka Hit News
Post Views: 5