ඉන්දියාවේ Bareilly සිට Badaun දිස්ත්‍රික්කයේ Dataganj දක්වා ගූගල් සිතියම් ආධාරයෙන් ධාවනය කළ මෝටර් රථයක් පාලමක සිට අඩි 50ක පහළින් ගලා යන ගංඟාවට වැටී එහි ගමන් ගත් තිදෙනා මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
උත්තර් ප්‍රදේශ්හි පදිංචි සහෝදරයන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකුයි මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.
ප්‍රදේශවාසීන් එකතු වී හානියට පත් මෝටර් රථය ගඟෙන් පිටතට ගැනීමට කටයුතු කර තිබෙනවා.
මෙම වසර මුලදී ඇති වූ ගංවතුර හේතුවෙන් එම පාලමේ ඉදිරිපස කොටස ගඟට කඩා වැටී ඇති බවත්, පාලමේ නවතම තත්ත්වය GPSහි යාවත්කාලීන කර තිබී නැහැ.
තවද, පාලම අසම්පූර්ණව තබා තිබීම සහ පැමිණෙන වාහනවලට ඒ සම්බන්ධව අනතුර ඇඟවීම සඳහා එම ප්‍රදේශය වටා බාධකයක් නොතිබීම පිළිබඳව මියගිය අයගේ පවුලේ සාමාජිකයන් අදාළ නිලධාරීන්ට චෝදනා කර තිබෙනවා.
Author: Lanka Hit News
Post Views: 35