පවතින වැසි තත්ත්වය හමුවේ රාජාංගණ ජලාශයේ වාන් දොරටු හයක් සහ අංගමුව ජලාශයේ වාන් දොරටු තුනක් මේ වන විට විවෘත කර තිබෙනවා.
රාජාංගන ජලාශයේ විවෘත කර ඇති වාන් දොරටු හයෙන් තත්පරයට ගණඅඩි 6100ක ජලධාරිතාවක් කලා ඔයට මුදා හැරීමට කටයුතු කර ඇති බව සඳහන්.
එමෙන්ම, අංගමුව ජලාශයේ වාන් දොරටු තුනක් අඩි දෙක බැගින් විවෘත කර ඇති අතර, ඉන් තත්පරයට ගන අඩි 1800 ජල ධාරිතාවක් කලා ඔයට මුදා හැරෙනවා.
Author: Lanka Hit News
Post Views: 9