මීගමුව – මුන්නක්කරේ කළපු ප්රදේශයේ ඊයේ (24) දහවල් ඔරුවක් පෙරළී යාමෙන් දෙදෙනෙකු අතුරුදන් වී තිබෙනවා.
එලෙස දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ එකම පවුලේ 50 හැවිරිදි පියෙකු සහ 19 හැවිරිදි දියණියක බවයි වාර්තා වන්නේ.
එම අවස්ථාවේදී ඔරුව තුළ හත්දෙනෙකු සිට ඇති අතර පස්දෙනෙකුගේ දිවි බේරාගැනීමට සමත්ව තිබෙනවා.
ඊයේ (24) දහවල් 01.00ට පමණ කළපුව නැරඹීම සඳහා පියතුමෙකු ඇතුළු හත් දෙනෙකු පැමිණ ඇති බවත්, ඒ අතර පිරිමි පුද්ගලයින් තිදෙනෙකු සහ තරුණියන් තිදෙනෙකු ද වන බව සඳහන්.
ඔවුන් ගමන් කළ ඔරුව මුන්නක්කරේ මෝඩ පාලම අසළින් ගොස් අනතුරුව මාළු කොටු සහ කළපුවේ සිරි නැරැඹීම සඳහා ද ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ.
කුඩා එන්ජිමක් සවිකර ඇති මෙවැනි ඔරුවක තිදෙනෙකුට වඩා ගමන් කිරීම අනතුරුදායක බව ප්රදේශවාසීන් පෙන්වා දෙනවා.
ධීවරයින් සහ ප්රදේශවාසීන් විසින් එක්ව අතුරුදන් වූවන් සොයා තවදුරටත් පිරික්සුම් සිදුකරනු ලබන බවද සඳහන්.