Global Platform For All Sri Lankans

ගංඟා ද්‍රෝණි 12ක් ආශ්‍රිතව ගංවතුර අවදානමක්

 

බෙංගාල බොක්ක ප්‍රදේශයේ වර්ධනය වෙමින් පවතින අඩුපීඩන කලාපය, ඉදිරි දින කිහිපය තුළ, එහි සිදුවිය හැකි වර්ධනය සහ බලපෑම හේතුවෙන් ගංගා ද්‍රෝණි 12ක් ආශ්‍රිත ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව සඳහන් කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ගංගා ද්‍රෝණි රැසක ගංවතුර අවදානමක් ඇති විය හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව, මල්වතු ඔය, කලා ඔය, කනගරායන් ආරු, පරංගි ආරු, මා ඔය, යාන් ඔය, මහවැලි ගඟ, මාදුරු ඔය, මුන්දෙනි ආරු, ගල්ඔය, හැඩ ඔය සහ විල ඔය යන ගංගා ද්‍රෝණි ආශ්‍රිතව පදිංචිව සිටින ජනතාව මෙම පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය පිළිබඳ විමසිලිමත් වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads