නොවැම්බර් මාසයේ මුල් දින 20 තුළ සංචාරක පැමිණීම් 120,961ක් වාර්තා වී ඇති අතර, එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 17%ක වාර්ෂික වර්ධනයක් බව වාර්තා සඳහන් කරනවා.
මෙම වසර අවසානය වනවිට සංචාරක පැමිණීම් මිලියන දෙකක වාර්ෂික ඉලක්කය සපුරා ගැනීම සංචාරක කර්මාන්තයේ බලාපොරොත්තුවයි.
එමෙන්ම වසරේ මේ දක්වා මිලියන 1.74කට වඩා වැඩි සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ තිබෙනවා.
පසුගිය දින 20 අතරතුර සංචාරකයින් 26,717ක් ලෙස වැඩිම පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර, රුසියාවෙන් 20,157ක්, ජර්මනියෙන් 9,444ක්, එක්සත් රාජධානියෙන් 7,715ක් සහ ඔස්ට්‍රේලියාව 4,762ක් ලෙස වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණීමේ රටවල් පහට ඔවුන් ඇතුළත් වනවා.
තවද, වසරේ මේ දක්වා ඉන්දියාවෙන් 349,690ක් ද, රුසියාවෙන් 157,756ක් සහ එක්සත් රාජධානියෙන් සංචාරකයින් 154,385ක් මෙරටට පැමිණ තිබෙනවා.
Red Wings, Enter Air, Edelweiss සහ Air Azur ඇතුළු ගුවන් ගමන් 2025 වසරේ මාර්තු මස අවසන් වන විට තවදුරටත් වර්ධනයට වනු ඇතැයි ද අපේක්ෂා කරනවා.
මෙම ගුවන් ගමන් නැගෙනහිර යුරෝපීය සංචාරකයින් සඳහා අත්‍යවශ්‍ය සෘජු සම්බන්ධතාවක් සපයයි.