කාර්මික පාරිභෝගිකයන්ට සාපේක්ෂව ප්‍රමුඛතා පදනම මත නිවාස වෙත මාසික ගෑස් සැපයුමක් සහතික කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ලාෆ් ගෑස් සමාගම වෙත උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ පසුගිය දින කිහිපය තුළ වෙළඳපොළේ ලාෆ් ගෑස් හිඟයක් පවතින බවට පළවූ වාර්තා පදනම් කර ගනිමින්.
වෙළඳපොළේ ලාෆ් ගෑස් හිඟයක් පවතින බවට මීට පෙර අවස්ථා කිහිපයකදී කරුණු හෙළි වුණා.
කෙසේ වෙතත්, පසුගිය 19 වනදා ගෑස් රැගත් නෞකාවක් දිවයිනට පැමිණ ඇති අතර, තවත් ගෑස් නෞකාවක් අද(25) දිනයේදී දිවයිනට පැමිණීමට නියමිත බවයි ලාෆ් ගෑස් සමාගමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු මෙහිදී සඳහන් කර ඇත්තේ.
ඒ අනුව, ඉදිරියේදී අඛණ්ඩව පාරිභෝගිකයන් වෙත ගෑස් සැපයුම සිදු කරන බවද එම සමාගම සඳහන් කර තිබෙනවා.
Author: Lanka Hit News
Post Views: 6