Global Platform For All Sri Lankans

මහ මැතිවරණයට ඉදිරිපත් වු අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්

 

මහ මැතිවරණයට ඉදිරිපත් වු අපේක්ෂකයින්ට මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

මහ මැතිවරණයට අදාළ ආදායම් හා වියදම් වාර්තා භාරදීමට අපේක්ෂකයින්ට දෙසැම්බර් 6 වැනිදා දක්වා කාලය ලබා දී ඇති බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

ඒ අනුව, දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්, දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයාට එම වාර්තා ඉදිරිපත් කළ යුතු වනවා.

දේශපාලන පක්ෂ වෙනුවෙන්, පක්ෂ ලේකම්වරයා විසින් ආදායම් වියදම් වාර්තා ලබාදිය යුතුයි.

ස්වාධීන කණ්ඩායම් වෙනුවෙන් එම කණ්ඩායමේ නායකයා විසින් අදාළ වාර්තා ඉදිරිපත් කළ යුතු බව සඳහන්.

ඒ අනුව, මහ මැතිවරණ‍ අපේක්ෂක ලැයිස්තුවේ නම් ඇති සියලුදෙනා මැතිවරණ ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් කළ යුතුයි.

එම වාර්තා ලබාදීම පැහැර හැරීම මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ගැණෙන වරදක් බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads