පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් සඳහන් කර තිබෙනවා.
එසේම, අනෙකුත් රජයේ මන්ත්‍රීවරුන්ටද ඉන්ධන කාර්යක්ෂමතාව සහිත සුඛෝපබෝගී නොවන වාහනයක් ලබා දෙනු ඇතැයි ද සඳහන් වනවා.
ඒ අනුව, නව රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 159 දෙනාටම කුමක් හෝ වාහනයක් සිය නිල රථය ලෙස ලැබෙනු ඇති බවද, නව රජයේ අමාත්‍යවරුන්ට නව නිල වාහන නොලැබෙනු ඇති බවත් , ඒ ඒ අමාත්‍යාංශවල සිටි පසුගිය රජයේ අමාත්‍යවරුන් බාරදුන් නිල වාහන නව රජයේ කැබිනට් අමාත්‍යවරුන්ට සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට ලැබෙනු ඇති බවත් සඳහන් වුණා.
එසේම, මන්ත්‍රීවරුන්ට ඔවුන් තේරී පත්වූ දිස්ත්‍රික්ක වලට රජයේ කටයුතු සඳහා විශාල දුරක් ගෙවමින් ගමන් කිරීමට තිබෙන බැවින් මෙලෙස මන්ත්‍රීවරුන් 159 දෙනාටම නිල වාහන ලබාදීමට රජය තීරණය කර ඇතැයි ද , කෙසේ වෙතත්, V8 වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථ ඔවුන්ට ලබා නොදෙන බවද සඳහන්.
තවද, මන්ත්‍රීවරයකුට නිල වාහනයක් ලබාදීමේදී සළකා බලන ප්‍රධාන කරුණ නම් ඉන්ධන කාර්යක්ෂමතාව බවත්, ඉන්ධන කා දමන සුඛෝපභෝගී වාහන කිසිවෙකුට ලබා නොදෙනු ඇති බවත් සඳහන් වෙන අතර, වෙන්දේසියෙන් ලැබෙන මුදල් ප්‍රමාණවත් නොවූහොත් ජනාධිපති කාර්යාලය සතු වාහන කීපයක් නිදහස් කර ගැනීම සඳහා මේ වනවිට සාකච්ඡා පැවැත්වෙන බවද සඳහන්.