දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අපොස උසස් පෙළ විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට නොහැකි දරුවන් විභාග මධ්‍යස්ථාන දක්වා රැගෙන යාම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව ඉදිරිපත් වී තිබෙනවා.
ඒ, යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ගේ උපදෙස් පරිදියි.
තිහගොඩ, මාලිම්බඩ, අතුරලිය ප්‍රදේශීය ලේකම් කාර්යාලය, අකුරැස්ස ප්‍රදේශීය ලේකම් කාර්යාලය, කඹුරුපිටිය ප්‍රදේශීය ලේකම් කාර්යාලය, කඹුරුපිටිය ගොඩව පන්සල යන ස්ථාන වෙත අවශ්‍ය කරන යුද්ධ හමුදා භට පිරිස්, ට්‍රක් රථ සහ යුනි බෆල් රථ යොදවා ඇති බව සඳහන්.
මීට අමතරව මාතර, යටියන සහ වාරියපොළ යන ප්‍රදේශවල ඇති විය හැකි හදිසි ආපදා තත්වයකදී යෙදවීම සඳහා හමුදා භට පිරිස් යොවා ඇති බවයි, එම හමුදාව නිවේදනය කළේ.
මෙම අයහපත් කාලගුණික තත්ත්වය දිවයිනේ සෙසු ප්‍රදේශවලට ව්‍යාප්ත වූවහොත් අවශ්‍ය සහන සේවා කටයුතු කිරීමට සූදානම් වන ලෙසයි, හමුදාපතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ.