Global Platform For All Sri Lankans

IPL වෙන්දේසියේ අළෙවි වූ සහ නොවූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මෙන්න

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙදිනක් පුරා පැවැති ක්‍රීඩක වෙන්දේසිය සෞදි අරාබියේ Jeddah හී දී ඊයේ (25) රාත්‍රියේ අවසන් වුණා.

වෙන්දේසියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 19 දෙනෙකු ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ නමුත්, ඉදිරිපත් කිරීමට පියවර ගැණුනේ ක්‍රීඩකයින් 9 දෙනෙකු පමණයි.

ඉන් 6 දෙනෙකු මිලදී ගැනීමට කණ්ඩායම් හිමිකරුවන් කටයුතු කළ අතර, විජයකාන්ත් වියස්කාන්ත්, පැතුම් නිස්සංක හා ඩිල්ෂාන් මදුෂංක යන ක්‍රීඩකයින් එහිදී අළෙවි වූයේ නැහැ.

වෙන්දේසියේ දී අළෙවි වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන්නේ මහීෂ් තීක්ෂණ, වනිදු හසරංග, නුවන් තුෂාර, කමිදු මෙන්ඩිස්, දුෂ්මන්ත චමීර හා ඒෂාන් මාලිංගයි.

කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, ජෙෆ්රි වැන්ඩර්සේ, භානුක රාජපක්ෂ, චරිත් අසලංක, දුනිත් වෙල්ලාලගේ, දුෂාන් හේමන්ත, දසුන් ශානක, ලහිරු කුමාර හා දුමිදු සෙව්මින යන ක්‍රීඩකයින් වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරුණේ නැහැ.

දෙවන දිනයේ දී එනම් ඊයේ දිනයේ දී පළමුවෙන්ම වෙන්දේසියට ඉදිරිපත් කෙරුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයා වූයේ විජයකාන්ත් වියස්කාන්ත්. ඔහුව කිසිදු කණ්ඩායමක් විසින් මිලදී ගත්තේ නැහැ.

අනතුරුව නුවන් තුෂාර වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරුණු අතර, ඔහුව මිලදී ගත්තේ ඉන්දීය රුපියල් කෝටි 1.6 කට රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම විසිනුයි.

එහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 5.5 ක් පමණ වනවා.

පසුගිය අදියරේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළ නුවන් තුෂාර ඉන්දීය රුපියල් ලක්ෂ 75 කාණ්ඩයෙන් වෙන්දේසියට ඉදිරිපත් වූ අතර, ඔහු වෙනුවෙන් මෙවර පළමුව ලංසු ඉදිරිපත් කළේ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමයි.

අනතුරුව බැංගලූරු කණ්ඩායම ලංසු ඉදිරිපත් කරමින් සටනට පිවිසි අතර, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ද පසුව ඔහු වෙනුවෙන් ලංසු ඉදිරිපත් කළා.

කමිදු මෙන්ඩිස් හා දුෂ්මන්ත චමීර ද වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරුණු අතර, ඔවුන් දෙදෙනාව පිළිවෙලින් මිලදී ගනු ලැබුවේ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම හා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසිනුයි.

ඔවුන් දෙදෙනාම ඉන්දීය රුපියල් ලක්ෂ 75 බැගින් වන මුදලකට අළෙවි වූ අතර ශ්‍රී ලංකා මුදලින් එහි වටිනාමක රුපියල් ලක්ෂ 258 ක් පමණ වනවා.

මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති වේග පන්දු යවන ක්‍රීඩක ඒෂාන් මාලිංග ද වෙන්දේසියේදී අලෙවි වීම කැපී පෙනුණා.

ඔහු ඉන්දීය රුපියල් ලක්ෂ 30ක මූලික වටිනාකමක් යටතේ වෙන්දේසියට ඉදිරිපත් වූ අතර, ඔහුව ඉන්දීය රුපියල් කෝටි 1.2 කට මිලදී ගත්තේ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමයි.

ඒෂාන් මිලදී ගැනීම සදහා සන්රයිසස් කණ්ඩායම හා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර තියුණු සටනක් නිර්මාණය වූ නමුත්, සන්රයිසස් විසින් ඔහු මිලදී ගැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකා මුදලේ වටිනාකමින් ඔහු අළෙවි වූයේ රුපියල් කෝටි 4.14 ක් පමණ මුදලකටයි.

පළමු දිනය වූ ඉරිදා දිනයේ දී වෙන්දේසියට ඉදිරිපත් කෙරුණේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු පමණක් වීම විශේෂත්වයක්.

ඒ අනුව වෙන්දේසියට පළමුව ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයා වූයේ මහීෂ් තීක්ෂණයි.

ඔහු ඉන්දීය රුපියල් කෝටි දෙකේ කාණ්ඩයෙන් වෙන්දේසියට ඉදිරිපත් වූ අතර, ඔහුව ඉන්දීය රුපියල් කෝටි 4.40 කට (ශ්‍රී ලංකා රුපියල් කෝටි 15 ක පමණ අගයක්) මිලදී ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම තීක්ෂණව මිලදී ගැනීම සදහා පළමුව ලංසු ඉදිරිපත් කළ අතර, පසුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ද ලංසු ඉදිරිපත් කරමින් සටනට පිවිසියත් ඔහුව මිලදී ගැනීමට සමත් වුණේ රාජස්ථාන් කණ්ඩායමයි.

අනතුරුව වනිදු හසරංග ද වෙන්දේසියට ඉදිරිපත් කෙරුණා. රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පළමුව ලංසු ඉදිරිපත් කළ අතර, පසුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ද ලංසු ඉදිරිපත් කළා.

කෙසේ වෙතත්, ඔහුව රාජස්ථාන් කණ්ඩායම විසින් ඔහු මිලදී ගත්තේ ඉන්දීය රුපියල් කෝටි 5.25 ක මුදලකටයි. එහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 18 ක් පමණ වනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

සම්මාදන්වලට නොරැවටෙන්නැයි ශ්‍රී පාදස්ථානාධිපතිගෙන් ඉල්ලීමක්

  ශ්‍රී පාදස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා බව පවසමින් මුදල් රැස්කිරීමේ සංවිධානයක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව ගෞතම ශ්‍රී පාදස්ථානාධිපති

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads