Global Platform For All Sri Lankans

Lanka Hit News

වර්ෂාවත් සමඟ ඉහළ යන භයානක රෝගය

 

වර්ෂාවත් සමඟ මී උණ හෙවත් ලෙප්ටොස්පයිරෝසිස් රෝගීන්ගේ ඉහළ යාමක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව, මාර්තු සිට මැයි දක්වාත්, ඔක්තෝම්බර් සිට මේ දක්වාත් මී උණ රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන්
කළේ.

පසුගිය කාල සීමාවේ සහ පවතින අධික වැසිත් සමඟ ගංවතුර ඇතිවන අවස්ථාවලදී මී උණ රෝගය පැතිරීම ඉහළ ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

මේ අතර, වසරේ මේ දක්වා කාලය තුළ ගම්පහ දිස්ත්‍රික්කයෙන් පමණක් මී උණ රෝගීන් 500 කට වඩා වැඩි පිරිසක් වාර්තා වී ඇති බවයි ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ. ඒ හේතුවෙන් මරණ 35ක් ද වාර්තා වී තිබෙනවා.

දැනුවත් වීම හා පූර්ව ආරක්ෂණ ක්‍රියාමාර්ග මඟින් වළක්වා ගත හැකි රෝගයක් වන මෙය, මේ වන විට වසංගත ස්වරූපයෙන් පැතිර යන්නේදැයි සැක පහළ වී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads