2025 වර්ෂයේ ජනවාරි මස සිට අප්‍රේල් මස දක්වා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම සඳහා අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
2024 නොවැම්බර් 21 දිනයේ අභිනව පාර්ලිමේන්තුව රැස් වූ නමුත්, 2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට අදාළව ව්‍යවස්ථාපිතව නියම වී ඇති පියවරයන් අනුගමනය කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් නොමැත.
එබැවින්, 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 23 (1) අනු වගන්තියෙහි දක්වා ඇති පරිදි 2025 වර්ෂයේ මුල් මාස 4 ක කාලසීමාව සඳහා දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති සහ රාජ්‍ය සේවාවන් පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය මුදල් වෙන් කිරීම සඳහා අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතුව තිබෙනවා.
ඒ අනුව, රජයේ පුනරාර්වර්තන හා ප්‍රාග්ධන වියදම්, රාජ්‍ය ණය සේවා කරණ සහනය ප්‍රතිව්‍යුහගත කරණයට අදාළ වියදම් ද ඇතුළුව 2025 වර්ෂයේ මුල් මාස 4 ක කාලය සඳහා අතුරු සම්මත ගිණුමක් සකස් කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන තිබෙනවා.