උපකාරක පන්ති තහනම් කිරීමට මෙතෙක් තීරණය කර නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
අධ්‍යාපනයේ පුළුල් ප්රතිසංස්කරණයක් තුළ බොහෝ වෙනස්කම් සිදු කළ යුතුව ඇති බවද ඔහු මෙහිදී සඳහන් කළා.
ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්රකාශනය තුළත් අධ්‍යාපනය නවීකරණය සහ පුළුල් කිරීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කර ඇති බවත් විධිමත් සාකච්ඡාවකින් පසුව විභාග ක්‍රමය ඇතුළු සමස්ත ක්‍රියාවලිය සම්බන්ධයෙන් වෙනසක් කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.
Author: Lanka Hit News
Post Views: 9