Global Platform For All Sri Lankans

අයහපත් කාලගුණය හේතුවෙන්, ජලයෙන් යට වූ නුවරඑළිය..

 

අරලගංවිලදී පාලමක් කැඩීයාම නිසා, පොළොන්නරුව – අම්පාර මාර්ගයේ ගමනාගමනයට බාධා මතුව ඇති බව සඳහන් වනවා.

එමෙන්ම, වර්ෂාවත් සමඟ දඹුල්ල – දඹුලු‍ ඔය ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර ඇති බවද සඳහන්.

එසේම, ජලාශය භාර ඉංජිනේරුවරයා සඳහන් කළේ , ඉන් තත්පරයට ඝණ අඩි පන්දහස බැගින් දඹුලු‍ ඔයට ජලය මුදා හැර එම ඔය හරහා කලා වැවට සහ බළලු‍ වැවට ජලය එක්වන බවයි.

එමෙන්ම, පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් මහවැලි ගග සහ හැඩ ඔය ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට ඉදිරි පැය 48 ක කාලය තුළ ගංවතුර අවදානමක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.

වර්ෂාවත් සමඟ අම්පාර, මොණරාගල, බදුල්ල, නුවරඑළිය සහ මාතලේ යන දිස්ත්‍රික්ක වල මාර්ග රැසක ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

එමෙන්ම, පස්කඳු කඩා වැටීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය නානුඔය දුම්රිය ස්ථානයට පමණක් සීමා කෙරුණා.

මේ අතර, පවතින අධික වැසි සමඟ නුවරඑලිය කඳපොළ ප්‍රධාන මාර්ගය ද ජලයෙන් යට වී තිබෙනවා.

එමෙන්ම, නුවරඑළිය නගරයේ තුරඟ තරග පිටිය, වික්ටොරියා උද්‍යානය ඇතුළු ඇතැම් කොටස් ද ජලයෙන් යටවී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads