පසුගිය සමයේ දුර්වල මට්ටමට පත් වූ මෙරට පාර්ලිමේන්තුව නැවත ශක්තිමත් කිරීමේ කාර්යය නව කතානායකවරයා වෙත පැවරී ඇති බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
උන්වහන්සේ මේ බව කියා සිටියේ, නව කතානායක අශෝක රන්වල අගරදගුරු නිල නිවසේ දී අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවූ අවස්ථාවේදී යි.
කෙසේ වෙතත්, පසුගිය (14) වනදා පැවති මහ මැතිවරණයෙන් පසු , මෙරට පාර්ලිමේන්තුවේ නව ආරම්භය , (21) වනදා සිදු වූ අතර, එහිදී නව කථානායකවරයා ලෙස ආචාර්ය අශෝක සපුමල් රංවල පත් කරනු ලැබුවා.
Author: Lanka Hit News
Post Views: 33