ඊශ්‍රායලය සහ ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, අද(27) සිට සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට එකඟ වූ බව, අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
එය එරට වේලාවෙන් අද සවස 4.00ට ක්‍රියාත්මක වේ.
එක්සත් ජනපදය සහ ප්‍රංශයේ මැදිහත්වීමෙන්, ඊශ්‍රායලය හා හිස්බුල්ලා සංවිධානය අතර සටන් විරාමය “සුබ ආරංචියක්” ලෙස පිළිගන්නා බවත්, එය ගාසා තීරයේ සාමය උදාවනු ඇති බවට තමන් බලාපොරොත්තු වන බවත් ජෝ බයිඩ්න්ගේ නිවේදනයේ සඳහන්.
ලෙබනන් – ඊශ්‍රායල දේශසීමා හරහා පැවති ගැටුම් ස්ථිර ලෙස නැවැත්වීම අරමුණු කරගනිමින් මෙම සටන් විරාමයට එළඹීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇති බවයි එම නිවේදනය හරහා ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ.
එහෙත් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කළේ සටන් විරාම එකඟතාවලදී හිස්බුල්ලා සංවිධානය ගිවිසුමේ ඇතැම් වගන්ති කඩ කළහොත් ප්‍රහාර එල්ල කිරීමට පසුබට නොවන බවයි.
කෙසේ නමුත්, මෙලෙස සටන් විරාමයකට එළඹ ඇත්තේ පුද්ගලයින් 3,823දෙනෙකුට දිවි අහිමි වීමෙන් පසුව වන අතර දෙපාර්ශ්වය විසින් දැනට අත්පත් කර ගෙන සිටින ප්‍රදේශ නැවත භාර දීමට ද ඒ අනුව නියමිත බව සඳහන්.
මෙම ගැටුමෙන් මේ දක්වා 15,859 තුවාල ලබා ඇති අතර හිස්බුල්ලා පාලනය පවතින ප්‍රදේශවල පදිංචිකරුවන් මිලියනයක් අවතැන් වී ද සිටිනවා.