ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් ලිහිල් කර තිබෙනවා.
ඒ අනුව අද සිට හදුන්වාදෙන එක් දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සියයට 8 මට්ටමේ පවත්වා ගැනීමටයි ඊයේ රැස්වූ මුදල් මණ්ඩලය තීරණය කර ඇත්තේ.
ද්විත්ව ප්‍රතිපත්ති පොලී අනුපාතිකය වෙනුවට තනි ප්‍රතිපත්ති පොලී අනුපාතිකයක් ක්‍රියාත්මක කරන බව මහ බැංකුව මෙම වසරේ ජනවාරි මාසයේ ඉදිරිපත් කළ වාර්ෂික ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් අනාවරණය කළා.
මහ බැංකුව නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ (Flexible Inflation Targeting) රාමුවකට අනුකූලව මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනු ලබන අතර, ආර්ථික වර්ධනයට එහි විභව මට්ටම කරා ළඟා වීමට සහාය වන අතරම උද්ධමනය මැදිකාලීනව සියයට 5ක ඉලක්ක අනුපාතික මට්ටමේ පවත්වා ගැනීමටයි අරමුණු කර ගෙන ඇත්තේ.
එසේම, 2024 සඳහා දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සියයට හතරයි දශම පහ, සියයට පහ වනු ඇතැයි අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.
මහ බැංකුවේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ණය ගෙවීම් ආරම්භ කළහොත් රට අර්බුදකාරී තත්ත්වයකට ලක්වනු ඇති බවට ඉදිරිපත් කෙරෙන මතවාද
වැරදි සහගත බවයි.
එසේම ඉදිරි වසරේදී මෙරට ආර්ථිකය සුබදායී තත්ත්වයකට පත්වනු ඇතැයි විශ්වාස කරන බව මහ බැංකු අධිපතිවරය මෙහිදී කියා සිටියා.