Global Platform For All Sri Lankans

සභාපතිට කියන්න වැඩසටහනට , E8 තොරතුරු දෙන්න

 

E8 වීසා කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයන් කිහිප දෙනෙකු පිළිබඳව පැමිණිලි ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.

ඔවුන් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන අරඹා තිබෙන බව සඳහන් කළ සභාපතිවරයා, E8 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරියාවේ රැකියා ලබා දීමට නීත්‍යානුකූල ගිවිසුමක් නොමැති බැවින් එම රැකියා නීත්‍යානුකූල නොවන බවද සඳහන් කළා.

එලෙස රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයින් පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ‘සභාපතිට කියන්න” වැඩසටහනට තොරතුරු ලබා දෙන ලෙසද සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

එම ජාවාරමට සම්බන්ධ පුද්ගලයින්ට තරාතිරම නොබලා දඬුවම් කිරීම සඳහා, අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කිරීමටද සුදානම් කර ඇති බවද සඳහන් වනවා.
දකුණු කොරියාවේ කෙටි කාලීන රැකියා දෙන බව කියා මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් 26 වැනිදා බත්තරමුල්ලේදී හා පොල්ගස්ඕවිට දී අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද මෙහිදී සඳහන් වී තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads