අස්වැසුම සහනාධාර ව්‍යාපෘතිය යටතේ නව ප්‍රතිලාභීන් ලියාපදිංචි කිරීම සඳහා රජය මගින් නිකුත් කර ඇති අයදුම්පත් ලබා ගැනීම සඳහා ධාරානිපාත වර්ෂාව නොතකා විශාල ජනතාවක් නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පැමිණ තිබෙනවා.
එලෙස වැසි නොතකා පැමිණි ජනතාව අයදුම්පත් ලබාගැනීම සඳහා දිගු වේලාවක් අද (27) උදෑසන සිට පෝලිමේ රැඳී සිටිනු දක්නට ලැබුණු බවයි සඳහන්.
සතියේ සෑම සඳුදා සහ බදාදා දිනකම අයදුම්පත් ලබා ගැනීමට හැකි වන බැවින් කලබලයකින් තොරව අයදුම්පත් ලබා ගැනීමට පැමිණෙන ලෙස මහජනතාවගෙන් නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉල්ලීමක් කර තිබෙනවා.
Author: Lanka Hit News
Post Views: 11