Global Platform For All Sri Lankans

මහින්ද කහඳගමට සහ ඩෑන් ප්‍රියසාද්ට වරෙන්තු

 

ඩෑන් ප්‍රියසාද් සහ මහින්ද කහඳගම ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කර තිබෙනවා.

ඒ, ගාලුමුවදොර පිටියේ ස්ථාපනය කර තිබූ ගෝඨා ගෝ ගමට පහර දුන් සිද්ධියේ නඩුවට අදාළවයි.

මෙම නියෝගය කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ බව සඳහන්.

ගෝඨා ගෝ ගමට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව (27) කැඳවූ අතර, එම සිද්ධියට සැකකරුවන් වශයෙන් නම් කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, මිලාන් ජයතිලක ඇතුළු ඇප මත සිටින සැකකරුවන් සියලු දෙනා අධිකරණය හමුවේ පෙනී සිටියා.

කෙසේවෙතත්, මෙම සිදුවීමේ සැකකරුවන් ලෙස නම්කර සිටින ඩෑන් ප්‍රියසාද්, මහින්ද කහඳගම ඇතුළු තිදෙනෙක් අද(27) අධිකරණය හමුවේ පෙනී නොසිටි බව සඳහන්.

කෙසේ වෙතත්, සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණයට දැනුම්දී තිබුණේ, ඔවුන් විදේශ ගතව සිටින බවයි.

ඒ අනුව, කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ඩෑන් ප්‍රියසාද්, මහින්ද කහඳගම ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කළා.

එසේම, අදාළ නඩු විභාගය ලබන මාර්තු 26 වැනිදා දක්වා කල්තැබීමට කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි නියෝග කළා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

සම්මාදන්වලට නොරැවටෙන්නැයි ශ්‍රී පාදස්ථානාධිපතිගෙන් ඉල්ලීමක්

  ශ්‍රී පාදස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා බව පවසමින් මුදල් රැස්කිරීමේ සංවිධානයක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව ගෞතම ශ්‍රී පාදස්ථානාධිපති

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads