මිනුවන්ගොඩ ප්‍රදේශයේදී රුපියල් කෝටි හතහමාරක මුදලක් කොල්ලකෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා මිනුවන්ගොඩ ප්‍රදේශයේදී අද (27) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ගම්පහ පොලීසියේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින්.
අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විට සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 40ක පමණ මුදලක් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ආරක්ෂිතව මුදල් ප්‍රවාහනය කරන ආයතනයක රියැදුරෙකු මිනුවන්ගොඩ පෞද්ගලික බැංකුවක් වෙත මුදල් රැගෙන යන අතරතුර රුපියල් කෝටි 7කට අධික මුදලක් රැගෙන එම වාහනයෙන්ම පළා ගොස් තිබුණේ ඉකුත් නොවැම්බර් 18 වැනිදායි.
අනතුරුව එම වාහනය ගම්පහ – උග්ගල්ගොඩ ප්‍රදේශයේ නවතා ඔහු මුදල් ද රැගෙන තවත් යතුරුපැදිකරුවෙකු සමග පළා ගොස් තිබුණා.
එම මුදලෙන් රුපියල් කෝටි 3කට අධික මුදලක් පසුව පොලිසිය සොයා ගත්තේ එම මුදල ලබාගත් තවත් සැකකරුවෙකු ද සමගින්.
Author: Lanka Hit News
Post Views: 11