Global Platform For All Sri Lankans

රතු මුහුදේ අතුරුදන් වූ පුද්ගලයින් සොයා මෙහෙයුම්

රතු මුහුදේ වෙරළට ඔබ්බෙන් සංචාරක බෝට්ටුවක් ගිලී යාමෙන් අතුරුදන් වූ පුද්ගලයින් සොයා මෙහෙයුම් සිදු කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

ඒ, අතුරුදන් වූ පුද්ගලයින් 17 දෙනෙකු සෙවීම සඳහායි.

පෙරෙයිද (25) දින ‘Sea Story’ නම් නෞකාව ගිලෙන අවස්ථාව වන විට එහි පුද්ගලයින් 45 දෙනෙකු සිට ඇති බවත්, ඉන් 28 දෙනෙකු බේරාගත් බව‍යි ඊජිප්තු බලධාරීන් පවසා ඇත්තේ.

මේ වන විට අතුරුදන් වූවන්ගෙන් හතර දෙනෙකු ඊජිප්තු ජාතිකයන් බවටත්, දෙදෙනෙකු බ්‍රිතාන්‍ය ජාතිකයන් බවටත් හඳුනාගෙන තිබෙනවා.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, නෞකාව විශාල රළකට හසුවීමෙන් ගිලී යන්නට ඇති බවයි.

දින පහක කිමිදුම් චාරිකාවක් සඳහා ඉරිදා නැගෙනහිර නගරයක් වන මාර්සා අලාම් අසල වරායෙන් පිටත්ව තිබෙන මෙම නෞකාව ආපදා සංඥා නිකුත් කර මිනිත්තු පහක් හෝ හතක් ඇතුළත ගිලී ගිය බව මේජර් ජෙනරාල් අම්ර් හනාෆි විදෙස් මාධ්‍ය හමුවේ පවසා තිබූ බව සඳහන්.

මෙම සංචාරක නෞකාවේ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනා ඊජිප්තු ජාතිකයන් වූ අතර සිදුවීමට පෙර, එනම් සෙනසුරාදා ඊජිප්තු කාලගුණ විද්‍යා අධිකාරිය මධ්‍යධරණී සහ රතු මුහුදේ කැළඹිලි සහ උස් රළ පිළිබඳ අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබියදී යි සංචාරය ආරම්භ කර ඇත්තේ.

නැවේ සිටි සංචාරකයින් අතරට ජර්මානුවන්, එක්සත් ජනපද, ස්පාඤ්ඤ , බ්‍රිතාන්‍ය, ජාතිකයින් ඇතුළත් බව සඳහන්.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads