Global Platform For All Sri Lankans

Lanka Hit News

කොළඹ කුලපති ඉවත් කරන්නැයි ඉල්ලා ජනපතිට ලිපියක්

කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ධුරය සඳහා පත් කර සිටින මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් එම ධූරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා කොළඹ විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

උන්වහන්සේ වෙනුවට විශ්ව විද්‍යාලයේ කීර්තිය සහ ගෞරවය ආරක්ෂා කළ හැකි ඊට වඩා සුදුසු පුද්ගලයෙකු ඒ සඳහා පත්කරන ලෙසයි එහි දක්වා ඇත්තේ.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ පත් කිරීම හුදෙක් දේශපාලනික පත් කිරීමක් බවද එම ලිපිය මගින් මහා ශිෂ්‍ය සංගමය පෙන්වා දී තිබෙනවා.

ඒ හේතුවෙන්, ජනාධිපතිවරයා වෙත පැවරි ඇති විධායක බලතලයන් හරහා කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය සඳහා විශ්වවිද්‍යාලයේ කීර්තිය සහ ගෞරවය ආරක්ෂා කළ හැකි ඊට වඩා සුදුසු පුද්ගලයෙකු නව කුලපතිවරයෙකු ලෙස පත් කිරීමට අදාළ පියවර ගන්නා ලෙසයි ශිෂ්‍ය සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ.

 

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads