පවතින අයහපත් කාලගුණය හමුවේ තාවකාලිකව අත්හිටුවා ඇති උසස් පෙළ විභාගය යළි පවත්වන දිනය ගැන තීරණය එළැඹෙන 29වනදායින් පසුව ගැනීමට බලාපොරොත්තු වන බව ආරක්ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා පවසනවා.
ඊයේ (27) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළා.
එසේම, 29 වැනිදායින් පසු කාලගුණ තත්ත්වයන් පිළිබඳ නැවත විශ්ලේෂණය කර, අවශ්‍ය කරන සුදුසු වාතාවරණය සැකසුණු පසුව නැවත උසස්පෙළ විභාගය ආරම්භ කිරීමට පියවර ගන්නා බවද ඔහු සඳහන් කළා.
කෙසේ වෙතත්, අයහපත් කාලගුණය හේතුවෙන් මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය දින 3කට තාවකාලිකව අත්හිටුවීමට පසුගියදා තීරණය කළ අතර,
ඒ අනුව 29 දිනයේත් උසස් පෙළ විභාගය නොපැවැත්වෙන බවයි එහිදී විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර වැඩිදුරටත් සඳහන් කළේ.
Author: Lanka Hit News
Post Views: 5