ගංවතුරින් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් 11ක් අනුයුක්ත කර තිබෙනවා.
අම්පාර, මඩකලපුව සහ මාතර යන දිස්ත්‍රික්ක සඳහා එලෙස සහන කණ්ඩායම් අනුයුක්ත කර ඇති බව සඳහන්.
ගංවතුරින් පීඩාවට පත් ජනතාව මුදා ගැනීම සඳහා ගුවන් හමුදා සමාජිකයින් 50 දෙනෙකු ද ස්ථාන 06ක ස්ථාන ගත කර තිබෙනවා.
හෙලිකොප්ටර් 6ක් ද කඩිනම් සහන සැපයීම සඳහා සූදානම් කර ඇති බවයි වාර්තා වන්නේ.
වාලච්චේන ප්‍රදේශයේ ගංවතුරට හසු වූ නිවසක වහලයක් මත කොටුවී සිටි පුද්ගලයෙකු ගුවන් හමුදාවේ හෙලිකොප්ටරයකින් ඊයේ (27) දහවල් මුදා ගෙන තිබෙනවා.
මේ අතර, පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා අඛණ්ඩව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
Author: Lanka Hit News
Post Views: 46