පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ උසස්පෙළ සම්බන්ධයෙන් මේ වන විට විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වෙනවා.
ඒ විභාග කොමසාරිස් අමිත් ජයසුන්දරගේ ප්‍රධානත්වයෙන්.
ඒ අනුව, දින 03කින් කල් ගිය උසස්පෙළ විභාගය තවත් දින 03කින් කල් යන බවයි ඔහු පවසා සිටියා.
26 වැනිදා සිට 29 වැනිදා නොපැවැත්වෙන බව මීට පෙර නිවේදනය කර තිබුණද පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ නැවත විභාගය කල්දමන බවයි ඔහු පවසා සිටියේ.
ඒ අනුව, දෙසැම්බර් 04 බදාදා නැවත උසස් පෙළ විභාගය ආරම්භවනු ඇති.
![Lanka Hit News](https://secure.gravatar.com/avatar/403db0c9ef6805ee5818383b12ef7a4e?s=96&r=g&d=https://lankahitnews.com/wp-content/plugins/userswp/assets/images/no_profile.png)
Author: Lanka Hit News
Post Views: 70