මුදල් නෝට්ටු අච්චු ගැසීම සම්බන්ධයෙන් සමහරුන්ට වැරදි අවබෝධයක් ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.
තමන් මහ බැංකු අධිපති ධුරයට පැමිණ වසර දෙක හමාරක කාලයක් ගතවුවත් තමන්ගේ අත්සන සහිත මුදල් නෝට්ටු බහුල වශයෙන් සංසරණය නොවන බවද හෙතෙම පෙන්වා දුන්නා.
සාමාන්‍ය ක්‍රියාවලියක් ලෙස මහ බැංකුව වසරකට පමණ අවශ්‍ය වන මුදල් නෝට්ටු අච්චු ගසා ගබඩා කරගෙන තබාගෙන සිටිනා බවද ඔහු මෙහිදී සඳහන් කර සිටියා.
කෙසේ වෙතත්, වත්මන් මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර දිසානායකගේ අත්සන සහිත මුදල් නෝට්ටු සංසරණය වන කාලයක් සම්බන්ධයෙන් නිශ්චිත කාලයක් තමන්ට ප්‍රකාශ කල නොහැකි බවද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සඳහන් කළා.
Author: Lanka Hit News
Post Views: 24