Global Platform For All Sri Lankans

අස්වැසුම ට අයැදුම් කිරීමට සහන කාලයක්

 

අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ වැඩසටහනට අයැදුම් කිරීමට ලබා දුන් අතිරේක සහන කාලය යළි දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව, දෙසැම්බර් 9 වැනි දා දක්වා අස්වැසුම ප්‍රතිලාභ ලබාගැනීමට අයැදුම් කළ හැකි බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දී තිබෙන්නේ.

රට තුළ පවතින අයහපත් කාලගුණික තතත්ත්වය සැලකිල්ලට ගෙන මෙලෙස කාලය නැවත වරක් දීර්ඝ කිරීමට පියවර ගත් බව ද නිවේදනයේ සඳහන්.

අස්වැසුම ප්‍රතිලාභී යෝජනා ක්‍රමය සඳහා මෙතෙක් අයදුම් කිරීමට නොහැකි වූ පවුල් සහ තැනැත්තන් හට ඊට අයදුම් කිරීම සඳහා 2024.11.25 දින සිට 2024.12.02 දක්වා සහන කාලයක් මීට පෙර ද ලබා දෙනු ලැබුවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads