රට තුළ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්, එළඹෙන දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ තවත් විභාග දෙකක් කල් දැමීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
අද (28) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ඒ බව සඳහන් කළා.
ඒ අනුව, දෙසැම්බර් 01 වැනිදා කොළඹදී පැවැත්වීමට තිබූ ශ්‍රී ලංකා නීති විද්‍යාල පොදු ප්‍රවේශ විභාගය (2024) කල්දැමූ බව ද ඔහු සඳහන් කළා.
තවද, දෙසැම්බර් 02 වැනිදා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබූ , ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ සංඛ්‍යාලේඛනඥ සහ සංඛ්‍යාලේඛනඥ නිලධාරීන් සඳහා වන කඩයීම් විභාගය 2016/24 කල්දමා තිබෙනවා.
මෙම විභාග පැවැත්වීමේ දින ඉදිරියේදී අදාළ අපේක්ෂකයන්ට දැනුම්දෙන බව විභාග කොමසාරිස්වරයා මෙහිදී දැනුම් දුන්නා.
Author: Lanka Hit News
Post Views: 23