Global Platform For All Sri Lankans

පුංචි ඡන්දෙ ගැනත් කසු කුසුවක් ?

 

පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි දින වකවානූ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) රැස් වූ මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බව වාර්තා වන්නේ.

එහිදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති අතර, එම දිනය විභාග කටයුතුවලට බාධාවක් නොවන අයුරින් යොදා ගැනීම පිළිබඳ සාකච්ඡා වී තිබෙනවා.

මැතිවරණය පැවැත්වීම සඳහා නිශ්චිත දිනයක් එහිදී තීරණය වී නොමැති අතර, ඉදිරි දිනවල දී යළි කොමිෂන් සභාව රැස්වී අවසන් තීන්දුවක් ගැනීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක සඳහන් කළා.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව, පළාත් පාලන මැතිවරණය ඉතා කඩිනමින් පැවැත්විය යුතු බැවින් ඒ සඳහා කොමිෂන් සභාව සුදානමින් සිටින බව ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

සම්මාදන්වලට නොරැවටෙන්නැයි ශ්‍රී පාදස්ථානාධිපතිගෙන් ඉල්ලීමක්

  ශ්‍රී පාදස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා බව පවසමින් මුදල් රැස්කිරීමේ සංවිධානයක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව ගෞතම ශ්‍රී පාදස්ථානාධිපති

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads