මාදිවෙල නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීම සඳහා නවක මන්ත්‍රීවරු 80දෙනෙක් අයදුම්පත් යොමු කර තිබෙන බව වාර්තා වනවා.
එසේම, අයදුම් කළ අය අතරින් 60කට ආසන්න සංඛ්‍යාවක් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් බව ද සඳහන් වනවා.
මේ අතර, නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මාදිවෙල නිල නිවාස සංකීර්ණයෙන් නිවාස වෙන්කිරීම දෙසැම්බර් 03වනදා ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
තවද , නවක මන්ත්‍රීවරුන්ට ලබාදීම සඳහා එම නිවාස සංකීර්ණය මේ දිනවල අලූත් වැඩියා කරමින් පවතින බවද සඳහන් වනවා.
කෙසේ වෙතත්, මෙහි මන්ත‍්‍රීවරුන් එකසිය දහයකට පමණ නිල නිවාස සපයා දීමේ හැකියාවක් තිබෙන බවද සඳහන් වනවා.
Author: Lanka Hit News
Post Views: 15