Global Platform For All Sri Lankans

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය සඳහා සාමාජිකයන් පත්කිරීමට අයැදුම්පත් කැඳවයි

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (ඕ.එම්.පී) සඳහා සාමාජිකයන් පත්කිරීම සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කර තිබෙනවා.

2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනතේ (සංශෝධිත පරිදි) විධිවිධාන ප්‍රකාරව අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ (ඕ.එම්.පී) සාමාජික ධුරයන්ගේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා සුදුසුකම් සහිත තැනැත්තන්ගෙන් අයදුම්පත් කැඳවීම ආරම්භකර ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ සඳහා වන අයදුම්පත්‍ර, පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි (www.parliament.lk) ඕ.එම්.පී සඳහා සාමාජිකයන් පත්කිරීම නමැති ක්ෂණික සබැඳි යටතේ පළකර ඇති ආකෘතිය අනුව පිළියෙළ කළ යුතුයි.

ඒ අනුව සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර 2024 දෙසැම්බර් මස 09 දින හෝ එදිනට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මහ ලේකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව – කාර්යාලය, ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රි ජයවර්ධනපුර, කෝට්ටේ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ constitutionalcouncil@parliament.lk යන විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතු වනවා.

ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ හෝ විද්‍යුත් ලිපියෙහි විෂය වශයෙන් ‘ඕ.එම්.පී සඳහා සාමාජිකයන් පත්කිරීම’ යනුවෙන් සඳහන් කළ යුතුයි.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads