අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) තානාපති Khaled Nasser Al Ameri අතර හමුවක් සිදුව තිබෙනවා.
ඒ, අග්‍රාමාත්‍ය කාර්යාලයේදී යි.
මෙම හමුවේදී තානාපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම සඳහා මහජනතාවගේ දැඩි කැපවීම පිළිබඳ අගය කරනු ලැබුවා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන මිත්‍රත්වය පිළිබඳව තමන් ආඩම්බර වන බවත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරන නිපුණතාවෙන් සපිරි සහ වෘත්තීමය ශ්‍රී ලාංකිකයන්ගේ සේවය අගය කරන බවත් එහිදී තානාපතිවරයා ප්‍රකාශ කළා.
Author: Lanka Hit News
Post Views: 19