කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පසුගියදා සඳහන් කළා.
ඒ,අනුව ඊයේ (29) දහවල් 12 සිට ජල කප්පාදුව සිදු කෙරුණා.
එසේම , අද (30) 6.00 දක්වා ද ජල සැපයුම සිදුකෙරෙනු ඇති.
ඒ අනුව කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට මෙම ජල කප්පාදුව සිදුකෙරෙන බවයි එම මණ්ඩලය නිවේදනය කළේ.
අඹතලේ සිට එලි හවුස් දක්වා ජලය සපයන ජල සම්ප්‍රේෂණ නලයක සිදු කෙරෙන අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකෙරෙනු ඇති.
මෙලෙස ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් ජල පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳව ජල සම්පාදන මණ්ඩලය සිය කණගාටුව පළ කර තිබෙනවා.
Author: Lanka Hit News
Post Views: 12