දැනට ක්‍රියාත්මක දේශසීමා සෞඛ්‍ය ව්‍යාපෘතියේ කොටසක් ලෙස අංගසම්පූර්ණ ගිලන්රථ දෙකක්,ජපාන රජය සහ සංක්‍රමණ සඳහා ජාත්‍යන්තර සංවිධානයේ මැදිහත්වීමෙන් ශ්‍රී ලංකාවට ලබා දී තිබෙනවා.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය වෙනුවෙන් මෙම පරිත්‍යාගය ගුවන් සමාගමට භාර දී ඇති බව සඳහන්.
ඊට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් චීෆ් මාර්ෂල් එච්.ඩී.අබේවික්‍රම (විශ්‍රාමික) සහ ජපාන තානාපති කාර්යාලයේ අමාත්‍ය/නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී, KAMOSIDA NAOAKI සහභාගී වී තිබෙනවා.
මෙම ප්රදානය මගින් මෙරට හදිසි සෞඛ්‍ය සේවාව වැඩිදියුණු කරණු ඇති අතර එම එක් ගිලන්රථයක් ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් 100,000 ක් වටිනා බව සඳහන්.
ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසිවලට අනුකූලව නිර්මාණය කර ඇති මෙම ගිලන් රථ හෘද නිරීක්ෂක, ඔක්සිජන් සැපයුම් පද්ධති ඇතුළු අති නවීන වෛද්‍ය උපකරණවලින් සමන්විත වනවා.
Author: Lanka Hit News
Post Views: 11