ඉන්දියාවේ පූනේහි ක්‍රිකට් තරගයක් අතරතුර හෘදයාබාධයක් හේතුවෙන් ක්‍රීඩකයෙක් මිය ගොස් තිබෙනවා
මෙලෙස මියගොස් ඇත්තේ 35 හැවිරිදි ඉම්රාන් පටෙල් නමැති ආරම්භක පිතිකරුවෙක්.
ඉන්දීය මාධ්‍ය වාර්තා පැවසුවේ පන්දුවට පහර දෙමින් සිටින අතරතුර ඔහුගේ පපුවේ සහ අත්වල වේදනාවක් හේතුවෙන් ඒ සම්බන්ධයෙන් විනිසුරුවරුන්ට දැනුම් දීමට කටයුතු කර තිබූ බවයි
අනතුරුව ඔහුට විනිසුරුවරුන් පිටියෙන් ඉවත්වීමට අවසර ලබා දී ඇති අතර ක්‍රීඩාගාරය දෙසට ගමන් කරමින් සිටියදී ඔහු එක්වරම ඇදවැටී තිබෙනවා
අනතුරුව ඔහුව කඩිනමින් රෝහල්ගත කිරීමට කටයුතු කර තිබූ අතර ඒ වන විටත් ඔහු මියගොස් සිටි බවයි වාර්තා වන්නේ
Author: Lanka Hit News
Post Views: 24