Global Platform For All Sri Lankans

2025 නව වසර උදාවට

Days
Hours
Minutes
Seconds

2025 නව වසර උදාවට

Days
Hours
Minutes
Seconds

සහන සැලසීම සඳහා නාවික හමුදා අඛණ්ඩ මෙහෙයුම්

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හමුවේ ඇතිවී ඇති ගංවතුර තත්ත්වය මත පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම සඳහා අම්පාර, ත්‍රිකුණාමලය, අනුරාධපුර යන දිස්ත්‍රික්කයන් වෙත ආපදා සහන කණ්ඩායම් දහයක් නාවික හමුදාව විසින් අනුයුක්ත කෙරුණා.

එම සහන කණ්ඩායම් අද(30) දිනයේදීත් ආපදා සහන මෙහෙයුම් අඛණ්ඩව සිදු කරමින් සිටින බව නාවික හමුදාව පවසනවා.

ඒ අනුව, අධික වර්ෂාපතනය හේතුවෙන් අම්පාර දිස්ත්‍රික්කයේ නාවින්නවේලි, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මයිලපන්චේනි, සාෆිනගර්, මුත්තුච්චෙන්නායි (තුවක්කුව හංදිය), මුතුර් හංදිය, කට්ටපරිච්චාන්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ පරාක්‍රමපුර (මාඔය), බුද්දන්ගල (වැලි ඇල) යන ප්‍රදේශයන්හි ඇතිවී ඇති ගංවතුර තත්ත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා අනුයුක්ත කර ඇති නාවික හමුදා සහන කණ්ඩායම් ජනතාවගේ දෛනික කටයුතු සිදුකර ගැනීම සඳහා ඩිංගි යාත්‍රා මඟින් අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැලසීම, පිසු ආහාර බෙදාදීම සහ ගංවතුරෙන් ආපදාවට පත් පිරිස් මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරමින් සිටියි.

තවද, අවශ්‍යතාවය මත ස්ථානගත කිරීම සඳහා නාවික හමුදා අමතර සහන කණ්ඩායම් 125ක් තවදුරටත් සූදානමින් තබා ඇති බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කරනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads