මහ වැස්ස නිසා ඇතිවූ සීතලට ඇඟ උණුසුම් කර ගැනීමට ගිනි ගොඩක් ගැසූ පුද්ගලයෙකු එම ගින්නට වැටී ඊයේ (29) මියගොස් තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ මුලතිව් සිලාවත්ත ප්රදේශයේ පදිංචි 74 හැවිරිදි පුද්ගලයෙක්.
ඔහු සිය නිවස වැසි ජලයට යට වීමෙන් පසුව නිවසේ ජීවත් වීමට නොහැකි නිසා පුතාගේ නිවසට මහ වැස්සේම ගොස් තිබෙනවා.
ඒ යන අතර මගදී ඔහු වැස්සට තෙමීම නිසා ඇග වෙව්ලනට පටන් ගෙන ඇති අතර එම සීතලෙන් මිදීමට සිය පුතාගේ නිවස අසල ගිනි ගොඩක් ගසා ඇඟ උණුසුම් කර ගනිමින් සිට ඇති බවයි සඳහන් .
එහිදී ඔහු එම ගින්නට වැටී ඇති අතර මාංචෝලෙයි රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා.
මුලතිව් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබනවා.
Author: Lanka Hit News
Post Views: 37