Global Platform For All Sri Lankans

2025 නව වසර උදාවට

Days
Hours
Minutes
Seconds

2025 නව වසර උදාවට

Days
Hours
Minutes
Seconds

කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක වායු ගුණාත්මක දර්ශක අගය පහළ ට

කොළඹ ඇතුලු දිවයිනේ ප්‍රදේශ රැසක වායු ගුණාත්මක දර්ශක අගය පහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

එහි අධ්‍යක්ෂ සරත් ප්‍රේමසිරි කියා සිටියේ, මෙම තත්ත්වය හමුවේ ශ්වසන අපහසුතා ඇත්නම් වෛද්‍ය උපදෙස් වෙත යොමු වන ලෙසයි.

පවතින කාලගුණික තත්ත්වය සහ උතුර දෙසින් පැමිණ දේශසීමා ව්‍යාකූල තත්ත්වය හේතුවෙන් අද දිනයේ වායු ගුණ තත්ත්ව දර්ශකය 92ත් 120ත් අතර, අගයක පැවතිය හැකියි.

කොළඹ නගරයේ වායු ගුණ තත්ත්ව දර්ශකය 108ත් 116ත් අතර අගයක පවතින අතර, යාපනය නගරයේ එය දැක්වෙන්නේ, 112ත් 120ත් අතරයි.

ඊට අමතරව කුරුණෑගල, වව්නියාව, මහනුවර, ගාල්ල, පුත්තලම, බදුල්ල, ත්‍රිකුණාමලය, මුලතිව්, මඩකලපුව, පොළොන්නරුව සහ අනුරාධපුරය යන ප්‍රදේශවලද වායු ගුණ තත්ත්ව දර්ශකය අහිතකර මට්ට්මක පවතිනවා.

තවදුරටත් අදහස් දැක්වූ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ සරත් ප්‍රේමසිරි කියා සිටියේ, නුවරඑළිය, ඇඹිලිපිටිය, කලුතර, හම්බන්තොට සහ මොණරාගල නගරවල පමණක් වායු ගුණ තත්ත්ව දර්ශකය මධ්‍යස්ථ මට්ටමේ පැවතිය හැකි බවයි.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads